පෙබරවාරි 04ට පෙර බලය බෙදන ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙමල සන්ධානයට රනිල් පොරොන්දු වෙලා..- විදෙස් මාධ්‍ය කියයි..

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානය අතර එකඟතාවකට පැමිණ නැවත එජාපෙ ආණ්ඩුවක් බිහි කිරීමට එකඟ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

newsin.asia වාර්තාවක සදහන් වන්නේ මෙම එකගතාවයට පැමිණීම සඳහා උතුරට අවශ්‍ය බලතල සහිතව නව ව්‍යවස්ථාව 2019 පෙබරවාරි 4 වැනිදාට පෙර එනම් තවත් මාස තුනක්
ඇතුළත ලබා දීමට එකඟ වූ බවයි.

ඒ අනුව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් දහ හතර දෙනාගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමට ලබා දුන් බව ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයෙක් පැවසුවේ යයි එම වාර්තාවේ දැක්වෙයි.

වාර්තාව මෙතනින්








































- lankacnews