අප්පච්චි මළා කිව්ව කතාව ගැන විජිත් විජයමුණිට දැන් හිතෙන දේ

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම තමන් අනුමත නොකරන බව ධීවර, ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

ඒ, මහනුවරදී අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී "මම කිසිසේත් අනුමත කරන්නේ නෑ හිටපු අගමැතිතුමාගේ
ආරක්ෂාව අඩු කිරීම ගැන. එතුමට නිසි ආරක්ෂාව දෙන්න ඕනේ. මේ ඔක්කොම අපේ රටේ පුරවැසියෝ පත්කරගත් නායකයෝ." යනුවෙන් සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

එහිදී "ඒකාබද්ධ විපක්ෂයේ කවුරුවත් මාව විවේචනය කළේ නෑ. වේදිකාවලදි බයින ඒවා එතරම් ගණන් ගත යුතු නෑ. මමත් අප්පච්චි මළා කිව්වේ.. සාමාන්‍යයෙන් නයි ගහලා මැරුණම රුක්අත්තන පෙට්ටියේ දානවා නේ. ඉතින් මැරුණත් පණ එන්න පුළුවන්. අහලා තියෙනවාද ඒ කතාව. රුක්අත්තන පෙට්ටියෙ දැම්මාම අයෙමත් පණ එනවා." යනුවෙන් සඳහන් කළා.

අමාත්‍යවරයා අද පෙරවරුවේ මහනුවරදී ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප‍්‍රකාශ කළා.


gossip lanka