ලංකාවේ ඩොලර් ඇද්ද නයිජීරියානුවෝ 45ක් CID ය අල්ලයි !

පසුගිය කාලයේ මෙරට ඩොලර් සංචිතවලට විශාල වශයෙන් බලපෑම් සිදුකරමින් ක්‍රියාත්මක වූ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් හෙළිකරගෙන ඊට අදාළව නයිජීරියානු ජාතිකයින් 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

එහි පරිගණක අපරාධ ඒකකයට මේ වර්ෂය තුළ ලැබී ඇති පැමිණිලි හා
තොරතුරු අනුව රුපියල් කෝටි පන්සියකට ආසන්න මුදල් ප්‍රමාණයක් පරිගණක මගින් වංචාකර රටින් පිටමන් කර ඇතැයි පැවසේ.

ෆේස්බුක් හරහා සිදුකර ඇති මේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයින් බව වාර්තා වේ.

මේ සඳහා මෙරට පුද්ගලයින්ද නොමග යවමින් අදාළ ජාවාරමට සහාය ලබාගෙන ඇතැයි පැවසේ.

සංචාරක වීසා මත ව්‍යාපාර ආරම්භ කිරීමට බව හඟවා පැමිණෙන නයිජීරියානු ජාතිකයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල් බැංකු මගින් විදේශයන්වල පිහිටි ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මාරු කරගැනීම සිදුකරගෙන ඇති බව වාර්තා වේ.