දයාසිරි එජාපයට ගන්නවාට අකිලගේ දැඩි විරෝධය…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පිරිස් එක්සත් ජාතික පක්‍ෂයට එක් කර ගැනීම සම්බන්දයෙන් එජාප දිස්ත‍්‍රික් මට්ටමින් දැඩි විරෝදය එල්ල වෙමින් ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ඉදිරි මැතිවරණවලී තම ඡන්ද පදනම බේරා ගැනීම
හා දිස්ත‍්‍රික් අපේක්‍ෂක ලයිස්තු සකස් කිරීමේදී ඇති වන ගැටළුකාරී තත්වයයි.

දයාසිරි ජයසේකර මහතා එජාපයට එක් කර ගැනීමට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දැඩි විරෝධය දක්වා ඇත.

එමෙන්ම රංජිත් සියඹලාපිටිය මහතා එජාපයට එක් කර ගැනීමට එජාප සභාපති කබීර් හෂීම් මහතා විරෝධව දක්වා ඇති අතර ෆයිසර් මුස්තාෆා මහතා එජාපයට ගැනීම සම්බන්ධයෙන් මුජිබර් රහුමන්, මරික්කාර් යන මන්ත‍්‍රීවරුන් විරෝධය පල කර ඇති බව එජාප ආරංචි මාර්ග කියා සිටී.

මේ ආකාරයට දිස්ත‍්‍රික් මට්ටමින් එක්සත් ජාතික පක්‍ෂ නායකයන් විසින් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීනට විරෝධය පල කරමින් ඇතැයිද වාර්තා වෙයි.

- lankacnews