'ජනපති මානසික පීඩනයක' - අනුර කියයි

තමන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මානසික පීඩනයකට ලක්ව ඇති බව පෙනේනේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බීබීසී සිංහල සේවය සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"තමන්ගේ තීරණත් සමග ජනපති මානසික පීඩනයකට ලක්වෙලා. 225 කැමතිවුණත් අගමැතිකම දෙන්නේ නෑ කියන්න බෑ. එහෙනම් ඒක දෙන්නේ ගෙදර ඉන්න කෙනෙක්ටද?" යැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.