'රනිලුත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා' - ජවිපෙ

මේ වසරේ විසර්ජන පනතේ සඳහන් මුදලට වඩා සියයට පනහකට වැඩි මුදලක් අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර තිබෙන්නේ ආණ්ඩුව දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ වුවමනාවක් මත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් අතුරු සම්මත ගිණුමකින් වෙන්කෙරෙන මුල්ම අවස්ථාව මෙය විය හැකි යැයි ද මන්ත්‍රිවරයා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඇමතිවරු 35ක ලැයිස්තුවක් : 'එකත් ව්‍යවස්ථා විරෝධියි '

''මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රිවරයෙක් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකියි. රනිල් වික්‍රමසිංහ මහතා එසේ කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා'' යයි ද ජවිපෙ නායකයා කියා සිටියේය.

''මන්ත්‍රිවරුන් 35 දෙනකුගේ ලැයිස්තුවක් ඇමැති තනතුරු සඳහා යවා තිබෙනවා. ඒකත් ව්‍යවස්ථා විරෝධීයි'' ඔහු අවධාරණය කළේය.
gossip lanka