ලබන වසර මැද පාර්ලිමේන්තු මැතිවරණයක් - අනුර දිසානායක

ලබන වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් තමන් අපේක්ෂා කරන බවත් එම මහමැතිවරණයේදී රට වෙනස් කිරීම සඳහා බලවේගයක් නිර්මාණය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතාව වෙනසක් ඉල්ලා සිටින නමුත්
වෙනසක් ඉල්ලා සිටින අයට වෙනස කුමක්දැයි තේරුම් කර දීමට තමන් අසමත් වී ඇති බවයි. ඒනිසා වෙනස කුමක්ද, කුමන වර්ගයේ වෙනසක්ද යන්න පෙන්වා දෙමින් ඒ වෙනස තමන් නිර්මාණය කළ යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

රට ගොඩනැඟීමට නම් කවර ප්‍රතිපත්තියක් තිබුණත් ඵලක් නොමැති බවත් ව්‍යාපාරයක් බවට පත්ව ඇති දේශපාලනය මහජන සේවයක් බවට පත් කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය. සියලු දෙනාම ස්ථිර අධිටනින් යුතුව ප්‍රයත්නයක් දැරුවහොත් මෙය වෙනස් කළ හැකි බව ඒ මහතා පැවසුවේය.

අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිකම, අගමැතිකම, ඇමතිකම් යනු හොරකම් කිරීමට ලැබෙන බලපත්‍ර වී ඇති බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති ජාතික විද්වත් සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

gossip lanka