‘මගේ මන්ත්‍රීධූරය පිනට ලැබුණු එකක් නෙවෙයි’ - රතන හිමි

තමන් පැවති ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ එය බලයේ සිටි සෑම දිනකම රට විනාශය කරා ගිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍යධූරය ලබාදෙන්නට
ඇත්තේ ඒ නිසා බව ද උන් වහන්සේ කීහ.

එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ තමන් පිනට පත්වූ අයෙක් බව එම පක්‍ෂයේ අය පැවසුවත් තමාද මැදිහත් වී ජනමතය ගොඩනගා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත් නොකලේ නම් එ.ජා.පයේ අයට මැති ඇමැතිකම් කරන්නට නොලැබෙන බව ද රතන හිමියෝ සඳහන් කළහ.

එබැවින් තමන්ගේ මන්ත‍්‍රීධූරය පිනට ලැබුණු එකක් නොවන බව ද රතන හිමියෝ පැවසූහ.

අතුරලියේ රතන හිමියෝ මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි ‘සදහම් සෙවණ’ ධර්මායතනයේ දී ඊයේ (2) පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව අමතමිනි.

රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් එය සංවිධානය කර තිබිණි