පාතාල මිනීමරුවන් යොදා මහින්ද රාජපක්‍ෂ ඝාතන සැලැසුමක්..

පාතාල කණ්ඩායමක් යොදවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.

දිනපතා පාතාලය විසින් මනුෂ්‍ය ඝාතන සිදු කරමින් මිනී මැරුම් සාමාන්‍ය කරමින් තිබෙන්නේ ඊට අදාල පසුබිම සකසා ගැනීමට යයිද මන්ත‍්‍රීවරයා කියයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.