කැබිනට් මණ්ඩලය 45 දක්වා ඉහල දමන්න සූදානම්…

ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් ගණන 45ක් දක්වා ඉහල දැමීමට හැකියාවක් ඇති බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා සදහන් කරයි.

ව්‍යවස්ථාව අනුව තවත් පක්‍ෂයක් සමග එක් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ඇමති ධුර සංඛ්‍යාව 45 දක්වා වැඩි කල හැකි බවත ඔහු සදහන් කරයි.
දැනටමත් මේ සදහා නීතිපතිගේ උපදෙස් පතා ඇති බවත් තම මතය සදහා බාධාවක් නොවනු ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.