මහින්දට නව අතිරේක ලේකම්වරයෙක් ඉල්ලා අගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක් !

මහින්ද රාජපක්ෂ මහතා සඳහා විපක්ෂ නායක කාර්යාලයට අලූ‍තින්ම අතිරේක ලේකම්වරයකු පත් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම 02 වැනිදා කැබිනට් රැස්වීමට සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

විපක්‍ෂ නායකවරයා වෙනුවෙන් මෙතෙක්‌ කලක්‌ මෙවැනි අතිරේක ලේකම්වරයකු නොසිටි අතර දැනට සිටින විපක්‍ෂනායක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට ඉහළින් මෙම නව අතිරේක ලේකම්වරයා කටයුතු කිරීමට නියමිතය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත මෙම කැබිනට්‌ පත්‍රිකාව අගමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 මේ සම්බන්ධයෙන් අප අගමැති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් විමසූ අතර ඇමති මණ්‌ඩල සංදේශ සියල්ල රහසිගත බව හෙතෙම ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාගෙන් මේ පිළිබඳ විමසූ අවස්‌ථාවේ ඔහු පැවසුවේ තමන්ට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවය.

දිවයින