නත්තලට තරු හෝටල්වල බාරුත් වහන්නැයි කාදිනල් ජනපතිගෙන් ඉල්ලලා !

නත්තල එළඹෙන හෙට (25) දිනයේදී සුරාසැල් වසා තැබෙන ආකාරයෙන්ම තරු හෝටල්වල ඇති බාර් ද වසා තබන්නැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එදින තරු හෝටල්වල බාර්ද වසා දැමීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තරු හෝටල්වල බාර්ද එදිනට වසා තබන ලෙස දැනුම්දී ඇති අතර එලෙස නොකරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව දන්වා ඇතැයිද වාර්තා වේ.
සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිඳු ජනයාගේ වේදනාව හඳුනා ගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ අදහස වී තිබේ.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ පසුගිව 20 වැනිදා පස්වරුවේ නත්තල් සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ නත්තල් උත්සවයට එක්වූ අවස්ථාවේදීය.
gossip lanka