දේශපාලන අර්බුධය යට සැගවුණු භයානක අර්බුධයක් ඩීව් හෙළි කරයි

දේශපාලන අර්බුදයට වඩා තවමත් බරපතල වන්නේ රට මුහුණපා ඇති ආර්ථීක අර්බුධය බව හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර මහතා පවසයි.

ණය අර්බුධය ඉන් ප්‍රධාන බවයි ගුණසේකර පෙන්වා දෙන්නේ. අර්බුධයට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා දැරූ උත්සාහයේදී තවත් ප්‍රශ්ණ දෙකක් මතු වූ බවද හෙතෙම පෙන්වා දෙයි.
ව්‍යවස්ථාව සම්බන්ධ අර්බුදය අධිකරණය ඔස්සේ විසදෙනු ඇති බවයි ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේ. විධිමත් ක්‍රමයක් ඔස්සේ විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පාර්ලිමේන්තු අර්බුධය නිරාකරණය කළ හැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.