අගමැතිකමට රනිල් හැර එජාප වෙනත් අයෙක් සලකා බලන්න ජනපති සූදානම්.. ශ‍්‍රීලනිපයත් එකගයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා හැර අගමැති ධුරය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙනත් පුද්ගලයෙකු නම් කර එවන්නේ නම් ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා ඒ ගැන සලකා බැලීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පක්‍ෂයේ එකගතාවයෙන් එම අවස්ථාවේ තීරණයක්
ගනු ඇති බවද ඔහු සදහන් කරයි.

සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.