ජාතික ආණ්ඩුවක් ගැන තීරණය ලබන සතියේ

උද්ගත වූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් ද නොඑසේ නම් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ද යන්න ඉදිරි සතියේදී තීරණය කරන බව ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

අරලියගහ මන්දිරයේදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
අතර ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු අනිවාර්යයෙන්ම ඉදිරි දින කිහිපය තුලදී ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි.

මෙම පිරිස ආණ්ඩුවට එකතු වන්නේ තනතුරු බලාගෙනම නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉදිරියේදී ඇති වන ආසන සංවිධායක ප්‍රශ්න නිසා බවත් ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් කීය.

තවදුරටත් ශ්‍රී ලනිප සාමාජිකයන් ලෙස සිට 'පොහොට්ටු' පක්ෂයෙන් මහ මැතිවරණයට ගියහොත් තම දේශපාලන ගමන අනතුරක යැයිද ඔවුන් කියා ඇත.

මේ පිළිබඳ ශ්‍රී ලනිප තවත් ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයකු ගෙන් 'මව්බිම' පුවත්පත කළ විමසීමේදී පවසා ඇත්තේ, ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පක්ෂය තුළ රඳවා ගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.
gossip lanka