ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා - ඩිලාන්

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බවත්, එම නිසා අවස්ථාවක් ලැබුණු වහාම ආණ්ඩුව නැවත වතාවක් පෙරළා දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
පළමු අවස්ථාවේදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත්, එහෙත් ගොඩනැගෙමින් තිබෙන නව බලවේගයට අනුව ආණ්ඩු බලය ලබාගන්නා බවත් එම පක්‍ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

එසේ  නොමැති නම්, වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම‍ට තම පක්ෂය ඇතුළු කණ්ඩායමේ සහයෝගය ලබාදෙන බවත් ඊයේ (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.