රනිල් යලි අගමැති නොකලොත් ජනාධිපතිගේ සරම ඔළුවෙන් ගලවනවා - දිලිප් වෙදආරච්චි

පාර්ලිමේන්තුවේ යලිත් දෙසැමිබර් 05 වැනි දා මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්දව විශ්වාසබංග යෝජනාවක් සම්මත කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

ඉන් පසු ජනාධිපතිවරයා විසින් යලිත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් නොකලහොත් ඔහුගේ සරම ඔළුවෙන් ගලවා දමන බවද මන්ත‍්‍රීවරයා කීය.
ඔහු මේ බව කියා සිටියේ එජාපය විසින් සංවිධානය කර ඇති ‘යුක්තියේ පාද යාත්‍රාව’ තංගල්ල නගරයේදී පිලිගනමින් පැවති ජන හමුව අමතමිනි.