දිනේෂ්ගේ ගෝලයෙක් භික්ෂුවකට තඩිබාලා !

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍රන් මහතා විසින් මහරගම සුදර්ශණාරාම විහාරස්ථානයේ විහාරවාසී කොට්ටාවේ හේමාලෝක ස්වාමීන්වහන්සේට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

පහරදීමෙන් තුවාල ලැබූ ස්වාමීන්වහන්සේ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාරලබන අතර පහරදුන් නාගරික මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙමළ ජාතිකයෙකු වන මෙම මන්ත්‍රීවරයා මහරගම නගර සභාවේ බයිසිකල් කණ්ඩායම ඉල්ලා අස්වූ පසු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්කල පොදුජන පෙරමුණු (පොහොට්ටු) කණ්ඩායමේ අයෙකි.