සිරකරුවන්ට මත්පැන් දුන් වැලිකඩ බන්ධනාගාරයේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගනී !

වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කටයුතු සිදු කරනු ලබන වෛද්‍යවරයෙකු මත්පැන් බෝතල් (කාලේ) දෙකක් සිරකරුවෙකුට ලබාදීමට කටයුතු කරමින් සිටියදී අත්අඩංගවට ගැනීමට ඊයේ (24දා) බන්ධනාගාර නිලධාරීන්ට හැකිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වෛද්‍යවරයා වැලිකඩ බන්ධනාගාර වෛද්‍ය මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන බවත්  එහෙත් අද දිනයේ එම වෛද්‍යවරයාට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොතිබු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 වෙනත් සිරකරුවෙකුට ලබාදීම සඳහා මෙම මත්පැන් බොතල් මෙසේ බන්ධනාගාරය තුළට ගෙනගොස් ඇත.

මේ අතර වේදනා නාශක බෙහෙත් කරල් දහ නවයක ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අළෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකුද බන්ධනාගාර නිලධාරීන් පෙරේදා (23දා) දහවල්  සිදු කළ වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාර අධිකාරී උඩුවර මහතා සදහන් කළේ  මෙම පුද්ගලයා බෙහෙත් ද්‍රව්‍ය තුළ සගවා ගෙන මත් කුඩු වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන යන බවට ලද තොරතුරකට අනුව ඇති වු සැකය මත සිදු කළ පරීක්ෂාවකදී එම මත් ද්‍රව්‍ය සොයා ගත් බවයි.
gossip lanka