දුමින්දගේ යෝජනාව මෛත්‍රි විසි කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවට පෙරේදා (18දා) රාත්‍රි පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා ගෙන එන ලද යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල
සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නැති බවත්, පුළුල් පෙරමුණක් ඔස්සේ විපක්ෂය සංවිධාන විය යුතු බවත්, ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එම අවස්ථාවේදී උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට යෝජනා කොට ඇති අතර එය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ස්ථිර වී තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග ඊළඟ මධ්‍යම කාරක සභාවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

- මවුබිම