මිල සූත්‍රයට මංගල යළි පණ දෙයි !

තමන් කලින් මුදල් ඇමති ධුරයේ සිටියදී ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද ඉන්ධන මිල සුත‍්‍රය යලි ක‍්‍රියාත්මක කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

සිය ඇමති ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අද වන විට ලෝක වෙලදපලේ බොරතෙල් මිල පවතින්නේ බැරලයක්
ඩොලර් 47-57 සීමාවන්වලයි.

මේ අතර මාස හතරක් සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත් කිරීමට නියමිත  බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.