අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට - නව මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ  සිට ඉන්ධන මිල පහල දමන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 10කින් රුපියල් 125 දක්වාත්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 149 දත්වාත් අඩු කර ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 05කින් රුපියල් 101 දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් රුපියල් 121 දක්වාත් මිල අඩු කර ඇත.
අවසන් වරට ඉන්ධන මිල පහල දමද්දී බොරතෙල් බැරලයක් ඩොලර් 75-80 මට්ටමේ පැවති අතර අද පවතින්නේ ඩොලර් 45-55 සීමාවේය.

ඊයේ දිනයේ වැඩ ආරම්භ කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා කියා සිටියේ ඉන්ධන මිල සුත‍්‍රය යලි ක‍්‍රියාත්මක කරන බවයි.