නව කැබිනට් මණ්ඩලයේ විෂය පථය ගැසට් කිරීම තවත් කල් යයි

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන සහ විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම ප‍්‍රමාද වී තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) රාත‍්‍රියේ නිකුත් කෙරෙනු ඇති බවටයි මීට පෙර වාර්තා පළ වුණේ. කෙසේවෙතත් එම ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණේ නැහැ.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවත් දින කිහිපයක් කල් යනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.
gossip lanka