සියලු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි !

සියළු පලාත් නියෝජනය කරන ලද ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දී තිබේ.

ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව මෙසේ සියළු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වී ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ තමන් ඇතුළු සියළු ආණ්ඩුකාරවරුන් මෙසේ ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවයි.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය සමගින් එක්ව ශ‍්‍රීලනිපය ආණ්ඩුව සමග එක් කිරීමට සැලසුම් සකස් කරන ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවය.