ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක් - හිරුණිකා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ගත් දේශපාලන තීන්දුවත් සමග මාසයක පමණ කාලයක් රටට සිදුවූ පාඩුව වසර ගණනක් යන තුරු නිවැරදි කිරීමට නොහැකි වනු ඇති බවත් ඔහු  කරගත්තේ ආනන්තරීය පාපකර්මයක් බවත්  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට අනතුරේ යන තේමාව යටතේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේ එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.