''ජනපතිගේ රැස්වීම්වලට මං යන්නේ නෑ ''- කුමාර වෙල්ගම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රැස්වීමකට තමන් සහභාගී නොවී ඒවා වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) පෙරවරුවේ
පැවති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමට තමන් සහභාගි නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.

මින් ඉදිරියේදී ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන කිසිදු රැස්‌වීමකට සහභාගි නොවී ඒවා වර්ජනය කරන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙත් තවදුරටත් එජනිසයේ රැඳෙමින් විපක්‍ෂයේ අසුන්ගන්නා බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් තමා ඉවත් කළ පසුව ජනාධිපතිවරයා සමඟ කිසිදු රැස්‌වීමකට තමා සහභාගි නොවූ බව ද කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

gossip lanka