ඇමති මණ්ඩලේට හොර කල්ලි පත් කරලා.. ඇමතිකමක් නොදුන්නොත් මං තීරණයක් ගන්නවා - ලක්‍ෂමන් විජේමාන්න

අද පත් කර ඇති ඇමතිවරුන් දෙස බැලූවහොත් ඕනෑ තරම් හොර කල්ලි සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න මහතා පවසයි.

මෙවර තමනට සාධාරණය සිදු විය යුතු බවත් නායකත්වය ඊට ඇහුම්කන් දෙනු ඇතැයි සිතන බවත් පවසන ඔහු පක්‍ෂය මෙතෙක් එසේ නොසිතීම ගැන කණගාටු බවද සදහන් කරයි.

එසේ නොවන්නේ නම් තමනටද තීන්දුවක් ගැනීමට සිදුවන බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටී.