යාපාට ජනපති පාන්දරම හොඳවයින් අමතලා !

"19 වැනි සංශෝධනය අපි ආවම වෙනස් කරන්න වෙනවා” යනුවෙන් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පෙරේදා (05 දා) පැවැති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලක්ෂමන් යාපා අබ්වර්ධන මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දොස් නගා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි
මාර්ගවලින් වාර්තා වේ.

යාපා මහතාට පාන්දරින්ම දුරකථනය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙසේ දොස් නගා තිබේ.

19 වැනි සංශෝධනයේ දුර්වලතා ඇතත් සමස්ථයක් ලෙස ගත් කළ එය වැදගත් සංශෝධනයක් බවද, ජනාධිපතිවරයා එහිදී යාපා මහතාට අවධාරණය කර ඇත.

මින් පසුව ඔවැනි කතා නොකියන ලෙසට ද ඔහුට අවවාද කර ඇති බව එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

යාපා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී "19 වන ව්‍යවස්ථාව සංශෝධනයට ඡන්දය දීම ගැන අපි කනගාටු වෙනවා. ඒකෙන් වුණු ආරාවුල ජනතාවගේ පැත්තෙන් බේරා ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. මිනිස්සුන්ට තියා අපිට තේරෙන්නෙත් නැහැ මොනව වෙනවාද කියලා. කොමිෂන් සභාව පත් කරලා ප්‍රජාතන්ත‍්‍රවාදය සුරකියි කියලා හිතලයි අපි ඡන්දය දුන්නේ. නමුත් මේ නිසා ජනතාව පීඩනයකට ලක්වෙලා. අද වෙන කොට 19 රට අස්ථාවර කරලා. මේ නිසා 19 වැනි සංශෝධනය අපි ආවම වෙනස් කරන්න වෙනවා. 120 වැඩි බලයක් දුන්නොත් 150 ක් හදාගෙන මේ ව්‍යවස්ථාවත් වෙනස්කර රට ඉදිරියට ගෙන යෑමේ හැකියාව තියෙනවා.” යනුවෙන් පවසා තිබිණි.