මෛත‍්‍රිගේ නියෝගයෙන් කතානායකට තීරණාත්මක ලිපියක්.. මහින්ද නූලෙන් බේරේ !

මහින්ද රාජපක්‍ෂ මහතා තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයෙකු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මාර්ගයෙන් අද දිනයේ කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම ලිපිය අද
දිනයේ යොමු කරන බව ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

මහින්ද රාජපක්‍ෂ මහතා මෑතකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ඔහු විපක්‍ෂ නායක ධුරය දැරීමට අයිතියක් නැතැයි පාර්ලිමේන්තුව හමුවේ සිදු කරමින් ඇති විරෝධය හේතුවෙන් මෙම පැහැදිලි කිරීම යවන බවද වැඩි දුරටත් එම ප‍්‍රකාශකයා කියා සිටියේය.

2015 මහ මැතිවරණයෙන් තේරී පත් වූ සියළු සන්ධාන මන්ත‍්‍රීවරුන් තව දුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බවද ලිඛිතව දැන්වීමට නියමිතය.

-lankacnews