TNA මන්ත්‍රීවරයෙකු මුල් වරට එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට !

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04දා) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා විඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැමිණ ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.