අපෙන් පළිගන්න ගිහින් රනිල් ඇනගත්ත හැටි රටම දැක්කා - මහින්ද රාජපක්‍ෂ

අවුරුදු හතරක් තිස්සේ අපෙන් පළිගන්න ගිහින් රනිල් වික‍්‍රමසිංහ ඇනගත්ත හැටි රටේ ජනතාව දැක්කා. ඉදිරියේදීත් ඒ දේම කරන්න ගියොත් ආණ්ඩුවට මාස හයක්වත් දුවන්න වෙන්නේ නැහැ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  ඊයේ (17 වැනිදා) පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිකම භාර ගත්ත දවසෙ පලිගැනීම වෛරය පිළිබඳව නැවතත් ඉඟි පළ කළා. පලිගැනීම වෛරය හොඳ දෙයක්‌ නොවේ.

රජයේ මැති ඇමැතිවරුන්ගේ කතාබහෙන් නැවතත් මේ වෛරය ගැන ඉඟි පළවෙනවා. පසුගිය අවුරුදු හතරේ කරපුදේම ආයෙත් කරන්න ගියොත් මේ ආණ්‌ඩුවට පැවැත්මක්‌ නැහැ.

ආණ්‌ඩුව මොකක්‌ද කරන්නේ කියලා අපි හොඳ අවධානයකින් ඉන්නේ. ඒ වගේම රටේ ජනතාවත් බලාගෙන
ඉන්නවා. ආණ්‌ඩුව මොන විදිහට ද හැසිරෙන්නේ කියලා යෑයි මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

- දිවයින

gossip lanka