රටේ ප්‍රශ්න තේරෙන්නේ දරුවෝ ඉන්න තාත්තලාටලු !

වත්මන් රජයට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ මිද්දෙණිය රජමහා විහාරයේ ඊයේ (22) පස්වරුවේ පැවති උත්සවයේදීය.

රජය කටයුතු කරමින් හිඳින්නේ අඩු මිලට භාණ්ඩ පිටරටින් ගෙන ඒමට හැකිය යන පදනමේ සිට යැයි රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් තමන් නියෝජනය කරන පාර්ශවය විශ්වාස කරන්නේ එහි ප්‍රතිවිරුද්ධය බවයි හෙතෙම කියා සිටියේ.

මේ වන විට ගම්මිරිස් වගාවට සිදුව ඇති හානිය මඟින්ම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වටහා ගත හැකි බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

"පසුගිය කාලය තුළ ඉවක් බවක් නැතිව බදු අයකිරීම හරහා එදා වේල කාලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ගම්මිරිස් ටික මෙහාට ගෙන්වල මෙහෙ ඒවත් එක්ක කලවම් කරලා යවනවා. මෙහෙ මිල අඩු කරනවා. මිල නැති වෙලා තියෙන්නේ එකෙන්. අපේ කාලේ ලංකාවේ ගම්මිරිස් වැව්වා. ලංකාවේ මිලක් තිබුණා. එහෙම නැත්නම් රජය මැදිහත් වුණා. එවැනි තත්වයක් මේ රජය තුළ නැහැ."

මේ අතර සාමණේර ස්වාමීන් වහන්සේලාට භාෂා අධ්‍යාපනය අනිවාර්ය කළයුතු බව රාජපක්ෂ මහතා පැවසීය.

"පොඩි හාමුදුරුවරුන්ට භාෂාව හදාරන්න අනිවාර්ය කළ යුතු තිබෙනවා. දෙමළ වෙන්න පුළුවන් ඉංග්‍රීසි වෙන්න පුළුවන් ප්‍රංශ වෙන්න පුළුවන්. භාෂාව අනිවාර්ය විෂයක් බවට පත් කරලා පොඩි හාමුදුරුවරුන්ට භාෂාව ඉගැන්නුවොත් බුදු දහම ප්‍රචාරය විතරක් නෙවෙයි මැරී යන සිංහල භාෂාව දියුණු කරන්නත් පුළුවන්. අද මැරී යන භාෂා අතර සිංහල භාෂාවත් තියෙනවා. කණගාටුවෙන්වුවත් එය කියන්න වෙනවා. බුදුදහමට තමයි සාමය,සංහිඳියාව ඇතිකරන්නත් පුළුවන්."

කෙසේවෙතත් රටේ ප්‍රශ්න වැටහෙන්නේ දරුවෝ ඉන්න තාත්තලාට බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේය.
gossip lanka