මං පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ.. මං තාමත් ශ‍්‍රීලනිපයේ..- මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකත්වය තමන් ලබා ගත්තේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සති අන්ත පුවත් පතක් වෙත ඒ මහතා සදහන් කරන්නේ ඒ සදහා අයදුම් පත‍්‍රය පමණක් යොමු කර ඇති බවය.

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු ලෙස සිටින බවද රාජපක්‍ෂ මහතා එහිදී සදහන් කර ඇත.

එමෙන්ම තමන් ශ‍්‍රීලනිප උපදේශකයෙක් ලෙස කටයුතු කරන්නේ යයිද ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.