එජාප කලකිරිනු මන්ත්‍රිවරු ගැන මහින්ද කතා කරයි

අමාත්‍ය ධූර ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් මන්තී‍්‍රවරු කළකිරීමෙන් සිටින බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර ජයශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින්.

එහිදී "විපක්ෂයේ ඉන්නකොට හැමෝගෙම බලාපොරොත්තුව ආණ්ඩුව පෙරළලා.. ආණ්ඩුවක් පිහිටුවන්න. ඇමති මණ්ඩලය පත් කරපු ආකාරය අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ට කලකිරීමක් තියෙනවා. ඔවුන් දැන් හැසිරෙන ආකාරය සහ කලින් හැසිරිච්ච ආකාරය අනුව ඒක පැහැදිළිව පේනවා. ඒ කට්ටිය එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එක තේරුමක් නෑ." යනුවෙන් සඳහන් කළා.