කවුරු මොනවා කිව්වත් මේක මෛත්‍රීගේ ආණ්ඩුව. කලබල වෙන්න එපා ! - ඇමැති මනෝ

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් දැන් පවතින්නේ එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ම ආණ්ඩුවක් බැවින් කිසිවකු කලබලයට පත්විය යුතු නැති බව රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
"දමිළ ජනතාව හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධ වෙනවා නම් ඒක හොඳයිනේ. ඒකනෙ බලාපොරොත්තු වෙන්නේ. කවුද ඒ ගැන කතා කරන්නේ ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ? ඒක නායකයා කවුද ? අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමානෙ ? එතුමාගෙ ආණ්ඩුවනෙ මේක. මොනවා කිව්වත් මේ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනගෙ ආණ්ඩුව. එච්චරයි. ඒ නිසා කලබල වෙන්න එපා, ප්‍රශ්නයක් නෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම තමන් විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නේ ආර්. සම්බන්ධන් මහතා බව ද ඒ මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (28) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.