ආණ්ඩුවට ස්වභාදහමත් අකමැති බව උතුරේ ගංවතුරෙන් පේනවා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

වත්මන් ආණ්ඩුවට ජනතාව පමණක් නොව ස්වභාව ධර්මය පවා අකමැති බව උතුරු පළාතට බලපෑම හා ගං වතුරෙන් පෙනීයන බව පැවිදි හඩ සංවිධානය සඳහන් කරයි.

කවුරුන් කෙසේ ආණ්ඩු බලය ගත්ත තවමත් ජනතා බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවද උන්වහන්සේ සඳහන් කළහ.
දින 51 ක කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් සහන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආණ්ඩුවෙන් කපා හරිමින් සිටින්නේ යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.