රටේ බලකණු තුනක් හැප්පෙන නිසා වෙන දේ නාමල් කියයි

ඉතිහාසයේ පළමු වතාවට රටේ බලකණු තුනක් හැප්පෙන්නට පටන් ගැනීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

රටේ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් රටේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයන් රැසකට මුහුණ පා ඇති බව ප්‍රකාශ කිරීම සඳහා   දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ   සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන ප්‍රධාන බල කණු තුන මේ වන විට ලිග්ගල් තුනක්  ආකාරයෙන් තිබුණු බලකණු මැදට    ගිනි තබා තිබෙන බවත්ය.    මෙම ගිනි ගොඩ මැද රටේ මහජනතාව පිළිස්සෙන බව ද හෙතෙම කීවේය,

නගුලෙන් හාපු ජනාධිපතිතුමා අටවපු ව්‍යවස්ථා උගුලෙන් ගැලවීම සඳහා මගුලක් කෑ බවත් එම මගුල කෑම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ද මෙය හොඳම රසගුණ යැයි සිතා දෑගිලි  දිගුකොට එකතු වූ බවද එම දෙදෙනා දීග කෑ නිසා  සිදුව ඇත්තේ රජ මැදුරෙන් අගුලට වැටී ඇති බවය. එම අගුගුලේ සිටි කටු කාපු සුනක පෝතකයන් මිදුලට නොව මිදුලේඳ   පාරට විසි වී ඇතැයි ඔවුන් ප්‍රධාන මාර්ගයට වැටී උඩුබුරන තත්ත්වයට පත්ව තිබෙන බවක් ඇති බවද කීවේය.

ජනතාව රාජ්‍ය නිලධාරීන්ක රකවා අත ඇරිය තැනට පත්ව තිබෙන බවත් මෙම තත්වයට රට පත් කිරීම සඳහා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාත් වගකිව යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

මේ දිනවල   රටේ පවතින තත්වය නිසා  පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන්ට පවා දැඩිව බලපා ඇතැයි නාමල් කරුණාරත්න මහතා කීවේය. ව්‍යවස්ථාවට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු ව පවතින බවත් මේවන විට කැබිනට් එකක්   අගමැතිකමත් නොමැති නිසා මෙවැනි තත්ත්වයක් රට තුළ ඉතිහාසයේ සිදු වී නැති බව ද කීවේය.

රටේ මේ කුමන්ත්‍රණකාරී තත්ත්වය පරාජයට පත්කොට මහමැතිවරණයක් පැවැත්විය යුතු බව ඔහු කීවේය.