මෛත්‍රී ඉතාම ප්‍රබුද්ධ, දක්ෂ දේශපාලනඥයෙක් ! - නාමල් රාජපක්ෂ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු ඉතාම ප්‍රබුද්ධ සහ දක්ෂ දේශපාලනඥයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයාට වුවමනා වූයේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති ගිවිසුම රටට හෙළි
කිරීමට බවයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

එදා 2000 වසරේ අත්සන් කළ අලි - කොටි ගිවිසුම හා සමානව අද අත්සන් කළ ගිවිසුම ද ජනතාව හමුවේ හෙළිදරව් වූ බව ඒ මහතා පැවසීය.

ඒ අනුව එජාප විරෝධී සියළුම බලකණුවලට තමන්ගේ පුළුල් ජාතික පෙරමුණ සමඟ එක්වී ඊළඟ ජාතික මැතිවරණ සියල්ලම ජයග්‍රහණය කිරීමට ආරාධනා කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.