මහින්දගේ මන්ත‍්‍රිකමත් අහෝසි කරන්න ආණ්ඩුව සැරසේ..

හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර දැමීමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම කුමන්ත‍්‍රණය සිදු කරමින් සිටින්නේ ආණ්ඩු පක්‍ෂය විසින් බවද ඔහු
කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් 50කට ආසන්න පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා මේ වන විට ආණ්ඩු පක්‍ෂය විසින් ඔවුන්ගේ මන්ත‍්‍රී ධුරයන් අභියෝගයට ලක් කරමින් සිටිති.

- lankacnews