ජාතික ආණ්ඩුව තවම තියෙනවා. අප්‍රේල් මාසයෙන් පසු මහමැතිවරණයක් !

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වුව ද ජාතික ආණ්ඩුව තවමත් පවතින්නේ යැයි තමන් විශ්වාස කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ජාතික ආණ්ඩුව බිහි කිරීමේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ ගිවිසුමකට අත්සන් තැබූ බවත් එජනිසය ඉන් ඉවත් වුවත් ශ්‍රීලමුකො තවමත් එම ගිවිසුම ක්‍රියාත්මක කරන නිසා එක් පාර්ශ්වයක් ඉවත් වූ පමණින් ජාතික ආණ්ඩුව අවසන් නොවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එසේම විජේදාස රාජපක්ෂලා, දුනේෂ් ගන්කන්දලා එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් කරවාගෙන ඔවුන්ට අමාත්‍ය ධුර ලබාදුන් ජනාධිපතිවරයා ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එජාපෙ වෙත පැමිණි විජයමුණි සොයිසා, ෆවුසි වැනි මහත්වරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට නොහැකි බව කීම අසාධාරණ යැයි ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව ද අමාත්‍යවායා සඳහන් කළේය.

එළඹෙන අප්‍රේල් මාසයෙන් පසුව මහමැතිවරණයකට සූදානම් වන ලෙස තමන් එජාප නායකයාට සහ නායකත්ව මණ්ඩලයට යෝජනා කළ බවයි නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ.