තංගල්ලේ වෙඩි තැබීමක් - 4ක් මරුට 5කට තුවාල - (video)

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර වරායේදී අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද උදෑසන 7.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූවන් අවට රෝහල් වෙත යොමු කළ බවයි.

එහිදී වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

ඔවුන්ගෙන්ද එක් තුවාල කරුවේකු අසාද්‍ය තත්ත්වයේන් පසු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම වෙඩි තැබිමට ධීවරයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතු වි ඇති බව වාර්තා වේ.