"රනිල් ඉවත් කර මහින්ද අගමැති කලා.. පක්‍ෂයෙන් මට අසාධාරන වුණා" - නිමල් සිරිපාල

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර පැය බාගයක් යන්නට පෙර මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් බවත් දිවුරුම් දෙන තෙක් තමන් පවා නොදැන සිටින බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා කලින් නයි මුගටි වෛරයෙන් සිටි බවත් වේදිකාවේ දී විවිධ කතා කියමින් බැනගත් බවත් ඔහු සඳහන් කළේය.

මහින්ද මහතා සහ මෛත්‍රීපාල මහතා එසේ එකතු වුවද ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ පොහොට්ටු පාක්‍ෂිකයන් නයි මුගටි වෛරයෙන් තවදුරටත් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පක්ෂයෙන් තමනට බොහෝ අඩු පාඩු සිදු වුවත් තමන් දේශපාලන ගේම් ගසන්නේ නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමිනි.