එජාපෙ පිපිරීම ආරම්භ වන්නේ අද සිට!

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ පිපිරිම ආරම්භ වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

එය ඉතාම විශ්වාසයෙන් යුතුව පවසන බවයි ඔහු සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කිහිප දෙනෙක් විසින්
කරවන ආණ්ඩුවට නොබෝ දිනකින්ම වෙන දේ බලාගැනීමට හැකි බව ඔහු කියාසිටියේය.

මේ ආතර ආණ්ඩුවට එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට හෝ අමාත්‍ය ධූර නොමැති බවද ඔහු කියාසිටියේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය එම කිහිපදෙනා සම්බන්ධයෙන් අවධානයක යොමුකර නැති බව මුතුහෙට්ටිගම මහතා පැවසීය.

මුතුහෙට්ටිගම මහතා මෙම අදහස් පළකලේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පොදු සංවිධානයක් ලෙස ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳ තීන්දුවක් ගන්නා බවයි

අඩුපාඩු නිවැරදි කරගෙන එකට කටයුතු කළ හැකි ආකාරයට තීන්දු තීරණ ගත යුතු බවද ලොකුගේ මාහතා පැවසීය.

"බොහොම විශ්වාසයෙන් කියනවා රට ගෙනියන්න නම් ඉක්මන් ජන්දෙකට යන්න වෙනවා. නායකයෝ කිහිප දෙනෙක් හදාගෙන යන ආණ්ඩුව හෙට අනිද්දම පටලැවෙනවා . ඊට පස්සේ බලන්න පුළුවන් මේ ආණ්ඩුව ඉස්සරහට යන විදිහ."

කුමන තත්ත්වයක් යටත්ව වුවද පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකෙරෙන බවයි ලොකුගේ මහතා ප්‍රකාශ කළේ.

gossip lanka