පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක‍්‍රීයාත්මක කිරීම තවදුරටත් වළක්වාලමින් අතුරු තහනම් නියෝගය ලබන 12 වන සදුදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෙම නියෝගය අද දිනයේ නිකුත් කරන ලද්දේ අගවිනිසුරු ඇතුළු සත්
පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

අද මෙම නඩුව සිව්වන දිනයටත් කරුණු විමසමින් සිටින අතර බොහෝ පාර්ශවයන් විශ්වාසය පළ කරන්නේ එළැඹෙන 15 වැනිදාට කලින් මේ සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව ලබා දෙනු ඇති බවටයි.

මන්ද 15 වන දායින් පසු අධිකරණයේ නිවාඩු සමය ආරම්භ වන නිසාය.

- lankacnews