රංගේගේ ඉල්ලීම සාධාරණයි...ඇමතිකමක් දිය යුතුයි - හැරිසන්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ඉල්ලීම සාධාරණ බවත් ඔහුට අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

 ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (28) වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රංගේ බණ්ඩාර මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිවකු කලබලයට පත්විය යුතු නොමැති බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඉදිරියේදී ඊට විසඳුම් ලබාදෙනු ඇති බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ නායකයා ලෙස රංගේ බණ්ඩාර මහතා දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයට වැඩ කළ ඇති හෙයින් ඒ මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සාධාරණ බවයි හැරිසන් මහතා අවධාරණය කළේ.

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිවනු ඇතිදැයි තමන් නොදන්නා බවත් එය දන්නේ ජනාධිපතිවරයා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.