පාලිත රංගේ බණ්ඩාරත් ජනාධිපතිට එරෙහිව අධිකරණයට !

එක්සත් ජාතික පක්‍ෂය විසින් කැබිනට් ඇමති ධුර යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කරන ලද ලේඛණය පහතින් දැක්වෙයි.

ජනාධිපතිවරයා විසින් ඇමති ධුර ලබා දීම ප්‍රතික්‍ෂෙප කරන ලද නම් එහි පෑනකින් සලකුණු කර ඇත.
මෙම තත්වය යටතේ ඇමති ධුර සඳහා නිර්දේෂව සිටි පාලිත රංගේ බණ්ඩාර හා සරත් ෆොන්සේකා යන එජාප මන්ත්‍රීවරුන් තමන් වෙත සිදුකල පෞද්ගලික පලිගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. යළි ලබන වසර මුල අධිකරණ කටයුතු ආරම්භකළ වහාම එම පෙත්සම් ඉදිරිපත් කරන බව ඔවුන් පවසති.

ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වු ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

ජනපති විසින් කපා දැමූ යෝජිත කැබිනට් ඇමතිවරු මෙන්න