මහින්දත් අනිවාර්යයෙන් අපේ පැත්තට එයි - තෙවරප්පෙරුම

පාර්ලිමේන්තුවෙහි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එන - යන කණ්ඩායමක් කොහොමත් සිටින බැවින් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වනු ඇති බවයි
තෙවරප්පෙරුම මහතා සඳහන් කළේ.
ආණ්ඩුවක් වශයෙන් ඉදිරියට යාම තරමක් අපහසු වන කාලයක් ඉදිරියට එනු ඇතැයි ප්‍රකාශ කළ ඒ මහතා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සහ එජාපෙ අතර එකඟතාවක් නොමැතිවීම ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේය.