ජනාධිපති නොදන්වා නීතිය හා සාමය අමාත්‍යාංශයේ සිටි පොලිසියේ 19ක් මාරු කරලා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නොදන්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 19 දෙනකු හිටිහැටියේ මාරු කර ඇත.

 මෙම මාරුවීම කර ඇත්තේ මෑතකදී අමාත්‍යාංශයට පැමිණි සහකාර
ලේකම්වරයකු විසින් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 පොලිස්‌ නිලධාරීන් 19 දෙනකු අමාත්‍යාංශයට අවශ්‍ය නැති බවට මොහු පොලිස්‌ මූලස්‌ථානය වෙත ලිපියක්‌ යවමින් සඳහන් කර ඇත.

 රජයක්‌ නැති අවස්‌ථාවක මාරුවීම් සිදු කිරීම් නීතිවිරෝධී නමුත් මොහු ඒ ගැන තැකීමක්‌ කර නැත.

 මෙලෙස මාරුවීම් ලත් පොලිස්‌ නිලධාරීන් පැවසුවේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ සිදුවන බරපතළ අකටයුතුකම් පොලිස්‌ නිලධාරීන් දකින නිසා එම ක්‍රියා වසන් කිරීමට මාරුවීම් කර ඇති බවය.

 මේ වනවිට එම අමාත්‍යාංශයේ සිදුවන අකටයුතුකම් රැසක තොරතුරු හෙළිවී ඇත.

 වැඩ තහනමකට ලක්‌වූ පොලිස්‌ නිලධාරීන් මෙන්ම විදේශගත වීම සඳහා ලිපි ලබාගැනීමට එන පාර්ශ්ව ද මේ අකටයුතුකම්වලට ගොදුරුවී තිබේ.

- දිවයින