නැවත ජාතික ආණ්ඩුව හැදීමේ උත්සාහයක් තියෙනවා - ප්‍රසන්න

තනතුරු, වරදාන, වරප්‍රසාද නොමැතිව ජීවත් වීමට නොහැකි, දේශපාලනය කිරීමට නොහැකි කණ්ඩායමට යළි ජාතික ආණ්ඩුව පිහිටුවීමේ වුවමනාවක් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔවුන් එම කුමන්ත්‍රණයෙහි නියැළුණත් පසුගිය වසර තුනේ අත්දැකීම් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැනි තීන්දුවකට නොයනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.