කිහිපදෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි ජනපතිගෙන් දැනුම්දීමක්

පළාත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකුට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දීමක් කර තිබෙනවා.

මේ සම්බන්දයෙන්ක ළ විමසීමක දී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි.
සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇත්තේ ද ඒ අනුව බව ඔහු ප‍්‍රකාශ කළා.

අදාළ සංශෝධනය අනුව ආණ්ඩුකාරවරුන් දැනට රාජකාරියේ නිරත පළාත්වලින් වෙනත් පළාත්වලට මාරු කිරීමක් කරනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.